ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ සිකුරාදා ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළබඩ නගරයක් වන පර්ත් බලා පිටත්ව යෑමට නියමිතව ඇත. ඒ ඔහුගේ ඕස්ට්‍රේලියානු සහකරු ඇන්තනි ඇල්බනීස් හමුවීමට ය. දෙරටේ නායකයින් සෙනසුරාදා හමුවීමට නියමිතව ඇත.
ඔවුන් ඉදිරි දශකය සඳහා ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ඇත. චීනයේ සමුද්‍ර ක්‍රියාකාරකම් සහ උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල සංවර්ධනය වැනි ඉන්දු-පැසිෆික් කලාපයේ වර්ධනයන් පිළිබිඹු කරන ස්ථාවරයක් එය ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීම සඳහා පැසිෆික් දූපත් ජාතීන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමට කිෂිඩා සහ ඇල්බනීස් එකඟ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.