උතුරු කොරියාව විසින් පැහැර ගන්නා ලද ජපන් ජාතිකයින්ගේ ඥාතීන් මෙම ගැටලුව විසඳීම සඳහා ඉක්මනින්ම තවත් ද්විපාර්ශ්වික සමුළුවක් පවත්වන ලෙස ජපාන රජයෙන් ඉල්ලා සිටියි. ඉරිදා ටෝකියෝ හි පැවති රැලියකදී ඔවුහු මෙම ආයාචනය කර ඇත.
පනස් හතර හැවිරිදි Yokota Takuya ඥාතීන්ගේ කණ්ඩායමේ නායකයාය. යොකෝටා අගමැති කිෂිඩා ෆුමියෝගෙන් ඉල්ලා සිටියේ ගැටලුව විසඳීමේ වැදගත්කම ගැන උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට මතක් කර දෙන ලෙසත් තවත් සමුළුවක් ඉක්මනින් සිදු කරන ලෙසත් ය.
86 හැවිරිදි මවක් පවසා සිටියේ තම දියණිය උතුරු කොරියාවේ සිටින්නේ කෙසේදැයි නිරන්තරයෙන් කල්පනා කරන නිසා තමාට දුකක් දැනෙන බවයි. පැහැරගැනීමට ලක්වූ ඉතිරි සියලු දෙනා හැකි ඉක්මනින් බේරා ගැනීමට අවශ්‍ය බවත් ඔවුන්ට නැවත සිය රටට යාමට හැකිවන බවත් ඇය පවසා ඇත