තඹ මිශ්‍රිත ලෝහ යොදාගනිමින් ජපානයේ නිර්මාණය කරන ලද වෛරස ප්‍රතිරෝධී මුව ආවරණය


ජපානය තඹ මිශ්‍රිත මුඛ ආවරණයක් නිෂ්පාදනය කරයි

.

Nara වෛද්‍ය විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා සහකාර මහාචාර්යවරයෙකු සහ මත්ද්‍රව්‍ය - ප්‍රතිරෝධී ජීවීන් පිළිබඳ විශේෂඥ පර්යේෂකයෙකු වන  Ryuichi Nakano සහ Nara ප්‍රාන්තයේ Kashiba නගරයේ ලෝහ සැකසුම් සමාගමක් වන Yamato Shinku-Kougyo එක්ව  COVID-19 වෛරසයේ Omicron ප්‍රභේදයට එරෙහිව සායනිකව ඵලදායී බව තහවුරු කරන ලද තඹ මිශ්‍රිත ලෝහයක් භාවිතා කරමින් නව මුව ආවරණයක් නිපදවා ඇති බව වාර්තා වේ.

 

එහි ඇතුළත මෙම විශේෂ තඹ මිශ්‍ර ලෝහය යොදා ගනිමින් නිර්මාණය කරන ලද තුනී ස්ථර හතරක් දැකිය හැකි වන අතර "RNA විනාශ කිරීමට තඹ අයන වලින් විශාල බලපෑමක්  ක්‍රියාත්මක වන බැවින් බැක්ටීරියා වලට එරෙහිව පමණක් ක්‍රියා කරන රිදී හෝ පිරිසිදු තඹ වලට වඩා මෙහිදී COVID-19 වෛරසයට එරෙහිව මෙවැනි ලෝහයක් භාවිතා කිරීම ඉතා වැදගත් වේ" යනුවෙන් මුව ආවරණයේ විද්‍යාත්මක පදනම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් Nakano  කියා සිටියේය. 

 

මෙහිදී සමාගම විසින් ප්‍රථම වරට මුව ආවරණ 30 ක් අඩංගු වන පරිදි වැඩිහිටියන් වෙනුවෙන් යෙන් 3,120 ක වටිනාකමකින් යුතු පැකේජයක්, කුඩා දරුවන් වෙනුවෙන් යෙන් 2,700 ක පැකේජයක් සහ සාමාන්‍ය පාසල් යන වයසේ ළමුන් වෙනුවෙන් යෙන් 2,550 ක පැකේජයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත . 

 

නැවත වරක් COVID-19 වසංගත ව්‍යාප්තිය ඉහළ යමින් පවතින මොහාතක, මුව ආවරණය සඳහා වූ ඉල්ලුම ඉහළ යමින් පවතින බැවින් උසින් මිලිමීටර් 95 සහ පළලින් මිලිමීටර් 145 වන පරිදි කුඩා මුව ආවරණයක් අමතර වශයෙන් නිකුත් කිරීමට සමාගම තීරණය කර ඇති අතර ජපන් භාෂාවෙන් https://yamatoshinku.com/ වෙබ් අඩවිය හරහා ඔබට අවශ්‍ය සාම්පල නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

113 Views

Comments