ජපන් රජය පසුගිය නොවැම්බර් මස සිට විදේශිකයින්ට පනවා තිබූ තහනම මඳක් ලිහිල් කරමින් මේ වන විට විදේශ වල සිටිනසිසුන් හාරසිය දෙනෙකුට ඒ රටට පිවිසීමට අවසර ලබා දී ඇත .එහෙත් තවමත් ලක්ෂයකට අධික පිරිසක් මෙම තහනම හේතුවෙන් විදේශීය රටවල සිරවී සිටින බව ආරංචි මාර්ග පවසයි.
omicron ප්‍රභේදය හේතුවෙන් ජපානය තුළ සීඝ්රයෙන් කොරෝනා වෛරසය නැවත පැතිරීයාම නිසා මෙලෙස විදේශිකයින්ට ජපානය තුළට ඇතුළුවීම තහනම් කර තිබුණි.කෙසේ වෙතත් ජපන් රජය විසින් ශිෂ්‍යත්ව ලබා දුන් සිසුන් අසූ හත් දෙනකුද මෙලෙස රට තුළට ඇතුළු වීමට ඉඩ සලසා ඇත.