සයිටමා ඒයොන් සාප්පුවේදී කාන්තාවක් ගම්මිරිස් ඉසීමෙන් 7 දෙනෙකුට තුවාල.


සයිටාමා ප්‍රාන්තය එවුන් සාප්පුවේදී කාන්තාවක් සාප්පු හිමියන් කිහිප දෙනෙකුට ගම්මිරිස් ඉසී

.

සයිටමා ප්‍රාන්තයේ හන්යු හි පොලිසිය ඉරිදා Aeon වෙළඳ සංකීර්ණයක සාප්පු හිමියන්ට ගම්මිරිස් ඉසූ කාන්තාවක් සොයමින් සිටී. පොලිසිය පවසන පරිදි සිද්ධිය වී ඇත්තේ රාත්‍රී 7.20ට පමණය. 

 

සැකකරු කඩිනමින් වෙළඳ සංකීර්ණයේ ආහාර අංශයේ මුදල් ලේඛනයේ මුදල් අයකැමිට ගම්මිරිස් ඉස පසුව ඇය වෙනත් පුද්ගලයින්ට අහඹු ලෙස ඉසීමට පටන්ගෙන ඇත. ඇස් සහ උගුරේ වේදනාවක් ඇති වූ බවට පැමිණිලි කිරීමෙන් පසු පිරිමින් සහ කාන්තාවන් හත් දෙනෙකු වහාම රෝහල් ගතකර ඇත. 

 

තුවාල ලැබූ සියලුම දෙනා සුළු තුවාල සඳහා ප්‍රතිකාර ලබා ඇති අතර  කාන්තාව එම ස්ථානයෙන් පලා ගොස් තිබේ .එම කාන්තාව වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන්නෙක් බවට විශ්වාස කරන අතර ඇය හඳුනා ගැනීමට පොලිසිය වෙළෙඳ සංකීර්ණයේ නිරීක්ෂණ කැමරා දර්ශන පරීක්‍ෂා කරමින් සිටී.

Comments