ජපානය තුළ ප්‍රකාශ කර ඇති හදිසි තත්ත්වය මධ්‍යයේද 4 වන සතියටත් ජපානයේ තෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇත. තෙල් පිළිබඳ මධ්‍යස්ථාන තොරතුරු අනුව පසුගිය සදුදා වන විට ජපානය තුළ තෙල් ලීටරයක මිල ජපාන යෙන් 170.9ක් බවට පත්වී ඇත.
මෙම මිල යෙන් 170 ක ස්ථාවරව පවත්වාගැනීමට තෙල් පිළිබඳ අමාත්‍යාංශය පසුගිය සතියේ තෙල් තොග වෙළෙඳුන්ට සහනාධාර ද ලබා දුනි.ඊට අනුව තෙල් මිල පවතින මිලට වඩා යෙන් 2.5 කින් පමණ පහළ බැසිය යුතුය. ඒ පිළිබඳ නිලධාරීන් පවසන ආකාරයට මෙම සහනාධාර ලබාදීම සිල්ලර මිලට බලපාමින් එය පහළ යෑමට සතියක හෝ දෙකක කාලයක් ගතවේ.