මවට පහරදුන් 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට.


තම මවට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගනි

.

හොකයිඩෝ ප්‍රාන්තයේ සපෝරෝ ප්‍රදේශයේ පොලිසිය විසින් 27 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු තම නිවසේදී 52 හැවිරිදි මවට පහරදීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන පරිදි එම කාන්තාව සෙනසුරාදා රාත්‍රී 7.20 ට පමණ 110 අමතා ඇගේ පුතා ඇයට පහර දුන් බව පවසා ඇත. 

 

පොලිසිය එම ස්ථානයට ගොස් එම තරුණයා අත්අඩංගුවට ගෙන තිබූ අතර තම පුතාට රැකියාවක් නොමැතිකම සම්බන්ධයෙන් තමා සමඟ බහින් බස් වූ බවත් ඔහු තමාව බිම ඇද දමා පහර දීමට පටන් ගත් බවත් එම කාන්තාව පොලිසියට පවසා ඇත. 

 

කාන්තාවට බරපතළ තුවාල සිදුවී නොමැති බව පොලිසිය ප්‍රකාශ කර ඇත. අත්අඩංගුවට ගන්නා විට බීමතින් සිටි ඇගේ පුත්‍රයා චෝදනාව පිළිගෙන ඇති බවත්, රැකියාවක් සොයාගන්නා ලෙසට මව දිගින් දිගටම ඔහුට කරදර කළ නිසා තමා කෝපයට පත් වූ බවත් ඔහු පොලිසියට පවසා ඇත.

85 Views

Comments