ජපානය මාස හයේ සිට අවුරුදු 4 දක්වා ළමුන් සඳහා කොරෝනා වයිරස් එන්නත් නිකුත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳුදා මහ නගර සභා වෙත එන්නත් බෙදා හැරීමට පටන් ගෙන ඇත. ටෝකියෝ හි මිනාටෝ ප්‍රදේශය පවසා සිටින්නේ ඔවුන් විසින් පසු දින සිට එන්නත් ලබා දෙන බවයි.
අමාත්‍යාංශ නිලධාරීන් පවසා සිටින්නේ කුඩා දරුවන්ට එන්නත් තුනක් අවශ්‍ය වන අතර සෑම එකක්ම වැඩිහිටියන්ට ලබා දෙන මාත්‍රාවෙන් දහයෙන් එකක් අඩංගු වන බවයි. පළමු එන්නත් දෙක සති තුනක පරතරයකින් ලබා දෙන බවත්, දෙවන මාත්‍රාවෙන් අවම වශයෙන් සති අටකට පසුව තුන්වන එන්නත ලබා දෙන බවත් ඔවුන් පවසා ඇත.
අමාත්‍යාංශය විසින් පෙබරවාරි මාසය දක්වා වයස අවුරුදු 5 සිට 11 දක්වා ළමුන් සඳහා ලබා දීමට එන්නත් වැඩසටහන පුළුල් කර ඇත. නිලධාරීන් පවසා සිටින්නේ එන්නත් කිරීම අනිවාර්ය නොවන බවත් එය තීරණය කළ යුත්තේ එක් එක් පුද්ගලයා හෝ ඔවුන්ගේ දෙමාපියන් බවත්ය.