ආරක්ෂාව තර කර ඇති ටෝකියෝ උසස් පාසල


ටෝකියෝ උසස් පාසලකට ඔටුන්න හිමි කුමරුවෙක් ඇතුල්වේ

.

ජපානයේ අගනුවර පිහිටි ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ උසස් පාසලකට ඔටුන්න හිමි Akishino කුමරුගේ  පුත් 15 හැවිරිදි Hisahito කුමරු ඇතුල් වීම නිසා එහි ආරක්ෂාව අප්‍රේල් 9 දින සිට තර කර තිබේ .

 

කුමරු ඉගෙනුම ලබන ටෝකියෝ හි Bunkyo Ward හි Tsukuba විශ්ව විද්‍යාලයේ Otsuka ජ්‍යෙෂ්ඨ උසස් පාසලේ නිරීක්ෂණ කැමරා සවි කර ඇති අතර ගෙන ඇති අනෙකුත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුව අමුත්තන්ට පාසලට පැමිනෙන විට හැදුනුම්පත රැගෙන ඒම අනිවාර්ය වන අතර පැය 24 පුරාම ඉදිරිපස ගේට්ටුවේ ආරක්ෂකයින් දෙදෙනෙකු  සේවයේ නියුතු වේ. 

 

දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීමෙන් පසු ජපානයේ අධිරාජ්‍ය පවුලේ සාමාජිකයෙකු Gakushuin විශ්ව විද්‍යාලයට අනුබද්ධ නොවන උසස් පාසලකට ඇතුළත් වූ පළමු අවස්ථාව ලෙස හිස්හිතෝ කුමරුගේ බඳවා ගැනීම සනිටුහන් කරයි.

179 Views

Comments