පළතුරු සොරකම වැළැක්වීම සඳහා ජපානයේ ඩ්‍රෝන යානා .


පළතුරු සොරකම වැළැක්වීම සඳහා ජපානයේ ඩ්‍රෝන යානා අත්හදා බලයි.

.

මධ්‍යම ජපානයේ ජනතාව ඩ්‍රෝන යානයක් අත්හදා බලා ඇත. ඒ එමඟින් පලතුරු සොරකම් කිරීම වැළැක්විය හැකිද යන්න අත්හදා බැලීමටය. ඔවුන්ගේ අස්වැන්නට පෙර සිදුවුනු පලතුරු සොරකම් රැල්ලක් මධ්‍යයේ මෙම ව්‍යාපෘතිය සිදුකර ඇත. 

 

Aichi ප්‍රාන්තයේ Toyota City හි දේශීය කෘෂිකාර්මික සමුපකාරයක්, ගොවීන් සහ Nagoya City අසල රොබෝ සමාගමක් සමඟ එකතු වී මෙය සිදුකර ඇත. සඳුදා දින 20 කට වැඩි පිරිසක් ඩ්‍රෝන යානයක්, පරිගණකයක් සමඟ Toyota City අවට පිහිටි ජපන් පෙයාර්ස් වත්තකට රැස් වී ඇත. 

 

කැමරා ඩ්‍රෝන පද්ධතිය මුලින් අදහස් කර ඇත්තේ වන සතුන්ගෙන් සහ පක්ෂීන්ගෙන් බෝග ආරක්ෂා කිරීමට ය. පද්ධතියේ සංවර්ධකයා පවසා සිටින්නේ අනවසරයෙන් ඇතුළු වන්නෙකු අනාවරණය වුවහොත් ස්වයංක්‍රීයව ආරක්ෂක සමාගම් දැනුවත් කිරීමේ ක්‍රම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

72 Views

Comments