පැහැරගැනීමේ ප්‍රශ්නය විසඳීමට මූලිකත්වය ගන්නා බවට කිෂිඩා පොරොන්දු වෙයි.


පැහැරගැනීමට ලක් වූවන්ගේ ගැටලු විසඳීමට වත්මන් අගමැති තුමා පොරොන්දු වේ

.

උතුරු කොරියාව විසින් පැහැරගෙන ගිය ජපන් ජාතිකයින්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට කටයුතු කරන බව ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ ප්‍රතිඥා දී ඇත. කිෂිඩා මේ බව කියා සිටියේ පැහැරගෙන ගිය අයගේ ඥාතීන් විසින් ඉරිදා සංවිධානය කරන ලද රැලියකදීය. 

 

ඔහු පවසා සිටියේ 2002 වසරේ සිට පැහැර ගැනීමට ලක් වූ කිසිවකු ජපානයට නොපැමිණීම අතිශය කණගාටුදායක බවයි. එලෙසම පැහැරගැනීම් සහ උතුරේ න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන්, අවාසනාවන්ත අතීතය සමථයකට පත් කිරීම සහ 2002 පියොංයැං ප්‍රකාශනයට අනුකූලව සබඳතා සාමාන්‍යකරණය කිරීම වැනි ද්විපාර්ශ්වික ගැටළු විසඳීමට තම රජය අපේක්ෂා කරන බවයි. 

 

පැහැරගැනීමට ලක්වූවන්ගේ පවුල් වල අය වයසට යමින් පවතින බැවින් ඔවුන්ගේ තත්ත්වය කාල සීමාවක් සහිත මානව හිමිකම් ප්‍රශ්නයක් බවද ඔහු පවසා ඇත. දෙරටේ නායකයින් අතර සබඳතා ගොඩනඟා ගැනීම සඳහා මූලිකත්වය ගැනීම අතිශයින් වැදගත් බව කිෂිඩා පවසා ඇත.

Comments