උතුරු මියන්මාරයේ කචින් ප්රාන්තයේදී මියන්මාර හමුදාව විසින් මෑතකදී එල්ල කරන ලද ප්රහාරය ජපාන රජය විසින් හෙලා දකියි. මේ පිළිබඳව රජයේ ප්රකාශක විසින් නිවේදනයක් නිකුත් කරමින් හෙළා දැක ඇත. ඉරිදා රාත්රියේ කචින් ප්රදේශයට එල්ල වූ ගුවන් ප්රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.
ජපානයේ ප්රධාන කැබිනට් ලේකම් Matsuno Hirokazu අඟහරුවාදා කියා සිටියේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මියන්මාරයේ හමුදා කුමන්ත්රණයකින් බලයට පත්වීමෙන් පසුව සිදුවෙමින් පවතින ප්රචණ්ඩත්වය නතර කරන ලෙස ජපන් රජයෙන් ඉල්ලා ඇති බවයි.මෙම සිදුවීම බැරෑරුම් ලෙස සලකන බවත් ප්රහාරය හෙළා දකින බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ප්රශ්න සාමකාමීව විසඳා ගැනීමට කටයුතු කරන ලෙස එරට හමුදාවෙන් ඉල්ලා සිටින බව මට්සුනෝ පවසා ඇත. ප්රචණ්ඩත්වය භාවිතා කිරීම වහා නැවැත්වීම, රැඳවියන් නිදහස් කිරීම සහ ප්රජාතන්ත්රවාදීව රජය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම වැනි ක්රියාමාර්ගද ගතයුතු බවට ඉල්ලා ඇත.