පවුල් අධිකරණයක් නඩු වාර්තා ඉවත දමයි.ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරීන් පුළුල් පරීක්ෂණයක් කරයි


ජපාන ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නඩු විභාග වාර්තා තබා ගැනීමේ ක්‍රියාවලිය අධ්‍යනය කිරීමට පියවර ගනී

.

වසර 25 කට පෙර තරුණයෙකු සම්බන්ධ වූ  මිනීමැරුම් නඩුවක සියලුම ලිපි ලේඛන පවුල් අධිකරණයක් විසින් ඉවත දැමූ පසු ජපානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සියලුම නඩු වාර්තාවල වර්තමාන වාර්තා තබා ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ අධ්‍යයනයක් දියත් කර ඇත. 

 

ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරීන් පවසා සිටින්නේ අදාල පවුල් අධිකරණය විසින් නීති රීති අනුගමනය නොකළ බවත් ස්ථිර සංරක්ෂණය අවශ්‍ය වාර්තා ඉවත දැමූ බවත්ය. ඔවුන් බාහිර ප්‍රවීණයන්ගේ අදහස් විමසා වාර්තා තබා ගැනීම සුදුසු පරිදි සිදු කර ඇත්ද යන්න අධ්‍යයනය කිරීමට නියමිතය. 

 

ස්ථිර සංරක්ෂණය සඳහා නඩු තෝරා ගැනීමේ වර්තමාන ක්‍රමය මෙන්ම එවැනි වාර්තා තැබීමේ නීති පිළිබඳව අධිකරණවල කාර්ය මණ්ඩලය දැන සිටියේද යන්න පිළිබඳව විශේෂඥයින්ගෙන් විමසා  සිටීමට නිලධාරීන් සැලසුම් කර ඇත.

 

 

124 Views

Comments