අගනුවරින් පලායෑම...


ජපාන අගනගරය සහ වඩාත් කාර්යබහුලම ව්‍යාපාරික මර්මස්ථානය වන..

.

ජපාන අගනගරය සහ වඩාත් කාර්යබහුලම ව්‍යාපාරික මර්මස්ථානය වන ටෝකියෝ අගනුවරින්, ග්‍රාමීය ප්‍රදේශ වෙත යෑමට ඉල්ලුම් කරන ලද ප්‍රමාණය, ගෙවීගිය 2021 වසරේදී වැඩි වී ඇතැයි වාර්තා වේ.

ලාභ නොලබන පර්යේෂණ සංවිධානයක් වන Furusato Kaiki Shien Center නම් ආයතනයකින් සිදුකරන ලද සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, එම අගය 49514 ක් බවයි. කොවිඩ් වසංගත තත්වය හමුවේ ආරම්භ කරන ලද දුරස්ථ රාජකාරි ක්‍රමවේදයන් සාර්ථක වීම නිසා සහ, ටෝකියෝ නගරය තුල පවතින තදබදය නිසා බොහෝ පිරිසක් මෙලෙස නගරයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බව ඔවුන් වැඩිදුරටත් හෙළි කර සිටී.

163 Views

Comments