විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තුවෙන් සිටින ජපානයේ සිසුන් යෙන් අවප්‍රමාණය වීම නිසා අදාල පාඨමාලා ගාස්තු සහ නිවාස කුළී වියදම් ඉහළ යාම හේතුවෙන් ඔවුන්ගේ සැලසුම් වෙනස් කිරීමට පෙළඹී ඇත.
සිසුන්ට විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට විධිවිධාන සැලසීමට උපකාර කරන ටෝකියෝ හි පිහිටි සමාගමක් පවසා ඇත්තේ මාසය ආරම්භයේ සිට සැලසුම්වල වෙනස්කම් පිළිබඳ විමසීම් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි.
කොරෝනා වසංගතය හේතුවෙන් විශාල ලෙස අඩු වී තිබූ විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට කැමති සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව සමාගම පවසා අපි අතර රැඳී සිටින කාලය කෙටි කිරීම, රටවල් වෙනස් කිරීම හෝ සැලසුම් කල් දැමීම පිළිබඳ විමසීම් වැඩිවෙමින් පවතින බවද සමාගම පවසා ඇත.