පසුගිය ඉරිදා(30) Gunma ප්‍රාන්තයේ OTA හි Ramen ආපනශාලාවක කළමනාකරුවෙකුට මාරාන්තික ලෙස පිහියෙන් ඇනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය ප්‍රකාශ කර සිටියේ අදාල සැකකරු ඉරිදා අලුයම 12:10 ට පමණ 42 හැවිරිදි Yosuke Mashimo නම් අවන්හල් හිමිකරුගේ බෙල්ලට සහ පපුවට පිහියෙන් ඇන ඇති බවයි.
පසුව අවන්හල් හිමිකරු Mashimo රෝහලට ගෙන ගිය අතර එහිදී මියගොස් තිබෙනවා.
පිහි ඇනුම සිදුවන අවස්ථාවේ අවන්හල තුළ පාරිභෝගිකයින් 30 දෙනෙකු පමණ සිට තිබෙනවා.
31 හැවිරිදි ෂෝහෙයි ෆුජි නම් අදාල සැකකරු රාමන් අවන්හලේ අර්ධකාලීන සේවකයෙකු ලෙස කලකදී කටයුතු කර ඇති බවද විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.