බෝම්බයක් පෙන්වා බැංකුවක් කොල්ල කෑමට තැත් කරයි


කොල්ල කෑමට තැත් කළ පුද්ගලයා 60 හැවිරිදි පුද්ගලයෙක් වේ

.

මධ්‍යම සෙන්දායි හි පිහිටි 77 බැංකුවේ ප්‍රධාන කාර්යාලය තුළ මෙම මංකොල්ලය කෑම සිදු කිරීමට උත්සහ කර ඇත.

පොලිසිය පවසන පරිදි අද පෙරවරු 10.00 ට පමණ කවුන්ටරය වෙත පැමිණි පුද්ගලයකු බැංකු සේවකයන්ට සහ අනෙකුත් අයට මේස ඔරලෝසුවක් පෙන්වා "මට යෙන් මිලියන 25ක් දීපන් නැත්තම් මන් මේ බෝම්බය පුපුරවනවා" යැයි තර්ජනය කර ඇත.

ඒ අසල සිටි පොලිස් නිලධාරියෙක් කොල්ලකෑමට තැත් කළ පුද්ගලයා මෙල්ල කොට අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහු වරද පිලිගෙන ඇති අතර මෙම 60 හැවිරිදි පුද්ගලයා ඒ අවස්ථාවේ බැංකුවේ සිටි කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු කර නොමැත.

 
82 Views

Comments