87 හැවිරිදි මිත්තණිය ඝාතනය කල මුණුපුරෙකු අත්අඩංගුවට ගැනීමට Iwate ප්රාන්තයේ Oshu හි පොලිසිය සමත් වී තිබෙනවා.
පසුගිය සිකුරාදා(28) සවස පහට පමණ අදාල සැකකරු විසින් සිය මිත්තණිය වන Fumiko Sato ගේ මුහුණට කිහිප වතාවක්ම පහර දී බිම වැතිර සිටියදී ඇයව පාගා දමා තිබෙනවා.
පසුව පවුලේ තවත් සාමාජිකයෙකු රාත්රී 7 ට පමණ නිවසට පැමිණි ඇති අතර Fumiko බිම වැටී සිටින බව සොයා ගැනීමෙන් අනතුරුව 110 අමතා ඇයව රෝහලට රැගෙන ගොස් තිබෙනවා.
කෙසේ වුවත් එහිදී රාත්රී 8 ට පමණ ඇය මිය ගොස් තිබෙනවා.
ඝාතනය සිදුකළ අදාල සැකකරු 40 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙක්.