නෞකාවෙන් ලොව වටා යෑමට සැරසෙන තරුණයා


ඔහු ජපානයේ සමුද්‍රීය ආත්මාරක්ෂක බලකායේ (JMSDF) සබ්මැරීන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සේවය කරන තරුණයෙක් වේ

.

ජපානයේ සමුද්‍රීය ආත්මාරක්ෂක බලකායේ (JMSDF) සබ්මැරීන කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස සේවය කරන තරුණයෙක් කිසිදු වරායක නොනැවතී සහ නැවත සැපයීමකින් තොරව තනිවම ලෝකය වටේ යෑමේ ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට සැරසෙනවා.

ඔහු Keiji Kimura නම් Hyogo ප්‍රාන්තයේ Nishinomiya City හි සමාගමක සේවය කරන 23 හැවිරිදි තරුණයෙක්.

මෙසේ ඔහු ගමන් ආරම්භ කරන නෞකාව  "මිරැන්ඩා" (සම්පූර්ණ දිග මීටර් 12.5) ලෙස නම් කර ඇති අතර එය මුහුදු ජලය මිරිදිය බවට පත් කරන නෞකාවක්.

එලඹෙන 12 වැනිදා එම නෞකාව වරායෙන් පිටත් වී ලබන මැයි මාසය දක්වා දින 180කින් පමණ කිලෝමීටර් 45,000ක් පමණ යාත්‍රා කිරීමට නියමිතයි.

ඔහු සාර්ථක වුවහොත්, 55 හැවිරිදි Kojiro Shiraishi විසින් තබා ඇති වාර්තාව බිඳ හෙළීමට හැකියාව ලැබෙනවා.

100 Views

Comments