RIKEN නම් වූ පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් කිහිප දෙනෙක් විසින් සුපිරි පරිගණකයක් යොදාගනිමින් දියත් කරන ලද පර්යේෂණයක තොරතුරු වලින් අනාවරණය වී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීමේ ප්‍රබලතාවය හේතුවෙන් මුඛ ආවරණ පළඳා වුවද සෙන්ටිමීටර් 50 ක පරතරය ඇතිව මුහුවන දෙදෙනෙකුගෙන් වෛරසය පැතිරීමේ අවදානමක් සහිත බවයි.
omicron ප්‍රභේදය පෙර පැවති ඩෙල්ටා ප්‍රභේදයට වඩා 50% ක පැතිරීමේ ප්‍රබලතාවක් පෙන්වයි. මේ වන විට ලෝ පුරා පැතිර යන ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීම අඩු කිරීමට නම් මුඛ ආවරණ පැළඳීම පමණක් නොව එකිනෙකා අතර අවම මීටර් එකකවත් පරතරයක් තබා ගැනීම සහ සංවාදයේ යෙදීම හැකි තරම් අඩු කිරීම සිදු කළ යුතු බව මෙම පර්යේෂකයින් ගේ මතයයි .