නොවැම්බරයේ සිට ආහාර ද්‍රව්‍ය 800කට අධික ප්‍රමාණයක මිළ ඉහළට


ණය පර්යේෂණ සමාගමක් වන Teikoku Databank Ltd හි සමීක්ෂණයකට අනුව ආහාර ද්‍රව්‍ය 833 ක මිල නොවැම්බර් මාසයේ සිට ඉහළ යනු ඇත.

.

නොවැම්බරයේ පළමු දිනයේම, ප්‍රධාන කිරි සමාගම් විසින් කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා මිල ඉහළ දැමීම ක්‍රියාත්මක කර ඇත්තේ නැවුම් එළ කිරි මිල ඉහළ යාම හේතුවෙනි.

ඒවා අතර, Meiji Co. , Morinaga Milk Industry Co. සහ Megmilk Snow Brand Co. යන සමාගම් වලින් නිශ්පාදනය කරන ද්‍රව්‍ය ද ඇතුලත් වේ.

Otsuka Pharmaceutical Co. ආයතනය විසින් වසර 25කට පසු ප්‍රථම වරට එහි Oronamin C බීම නිෂ්පාදනයේ මිල ¥114 සිට ¥130 දක්වා ඉහළ දමා ඇත 

 
112 Views

Comments