හිටපු ජපාන අගමැති අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සාර්ථකව  නිමාවෙයි


Shinzo Abe ගේ රාඡ්‍ය අවමංගල්‍ය උත්සවයේ කටයුතු සාර්ථකව නිමාව දකි

.

ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ධුරය දැරූ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේදී එරට ජනතාව ඔහුට අවසන් ගෞරව දැක්වූහ. මධ්‍යම ටෝකියෝවේ නිපොන් බුඩෝකන් පිටියට 4000කට අධික පිරිසක් රැස්ව සිටි අතර අග්‍රාමාත්‍ය කිෂිඩා ෆුමියෝ, ඉහළ සහ පහළ මන්ත්‍රණ සභා ප්‍රධානීන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ද ඊට සහභාගි විය. 

 

අබේගේ අවසන් කටයුතු ජපානයේ පැවැත්වෙන දෙවන රාජ්‍ය අවමංගල්‍යය වේ. මහජනතාව එම ස්ථානයෙන් පිටත මල් තබා ඔහුට ගෞරව දැක්වීමට කටයුතු කර ඇඇති අතට ජපානය පුරා පිහිටි රජයේ කාර්යාලවල ද කොඩි අඩකුඹු කර ඇත. 

 

රාජ්‍ය අවමංගල්‍යයට විරුද්ධ සමහර අය පවසා සිටින්නේ රජය සහ ජපාන බදු ගෙවන්නන් උත්සවයේ සම්පූර්ණ පිරිවැය දැරිය යුතු නැති බවයි. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු රාජ්‍ය අවමංගල්‍යයක් ලබා දී ඇත්තේ තවත් එක් හිටපු අගමැතිවරයෙකුට පමණක් බැවින් තවත් සමහරු මේ පිළිබඳ ප්‍රශ්න ඉදිරිපත් කර ඇත.

142 Views

Comments