කේක් ආහාරයට ගත් රියදුරුට මත්පැන් පානය කළැයි චෝදනා


ඕසකා ප්‍රාන්තයේ තකත්සුකි නගරයේ බස් රථ රියදුරෙකු මෙම සිදුවීමට මුහුණ දී ඇත

.

ඔක්තෝබර් 23 වන දින උදෑසන තක්ත්සුකි නගරයේ  අහඹු ලෙස බස් රථ රියදුරන්  පරීක්ශාවට ලක් කිරීමේදී එක් රියදුරෙකු මත්පැන් පානය කර ඇතැයි හඳුනාගෙන ඇත.  

ඔහුව පරීක්ෂාවට ලක් කල පසු ඔහුගේ හුස්මෙහි ඇල්කොහොල් මිලිග්‍රෑම් 0.11 ක් ඇති බව සොයා ගන්නා ලදී.

රියදුරු විසින් ප්‍රකාශ කර ඇත්තේ තමන් උදෑසන කේක් ආහාරයට ගත් අතර එම කේක් වල ඇල්කොහොල් අඩංගු බවයි.

කෙසේ වෙතත් මේ පිලිබඳ ප්‍රාදේශීය පොලිසීය තවදුරටත් පරීක්ශන පවත්වයි

 
133 Views

Comments