ජපාන රජයේ ආරංචි මාර්ග පසුගිය අඟහරුවාදා රට තුලට ඇතුල් වන විදේශිකයන් සඳහා පනවා තිබූ නිරෝධායන කාලය දින හතේ සිට දින 3 දක්වා අඩු කිරීමට සලකා බලන බව ප්රකාශ කර තිබේ.
එළඹෙන මාර්තු පළවෙනිදා සිට දිනකට ජපානය තුළට ඇතුල්වන විදේශිකයන් ගණන මේ වන විට පනවා ඇති 3500 ප්රමාණය සිට 5000 වැඩි කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වන බව අදාල ආරංචි මාර්ග පවසා ඇත. සංචාරය සඳහා නොවන වෙනත් කටයුතු සඳහා රට තුළට පිවිසීමට බලාපොරොත්තු නේ විදේශිකයන්ට ද එම අවස්ථාව සැලසීමටද රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වේ .