ජපන් කාන්තාවන් දෙදෙනෙක් අත් අඩංගුවට


සුඛෝපභෝගී සන්නාම සහිත භාණ්ඩ ව්‍යාජ ලෙස ප්‍රතිනිර්මාණය කර විකිණීම වෙළඳ ලාංඡන අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නිසා විකුණුම්කරු අත් අඩංගුවට ගනියි

.

"Hermes" යන සුඛෝපභෝගී සන්නාම නාමය සහ ලාංඡනය සහිත ව්‍යාජ බෑග් සහ කලිසම් වැනි භාණ්ඩ අලෙවි කිරීමෙන් වෙළඳ ලාංඡන නීතිය උල්ලංඝනය කළ බවට සැකපිට කාන්තාවන් දෙදෙනෙකු Hyogo ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 

ප්‍රාන්ත පොලිසිය පවසා ඇත්තේ මෙම කාන්තාවන් දෙදෙනා "Hermes" හා Levi’s නිශ්පාදන වල රසිකයන් වන අතර Instagram හරහා ඔවුන්ගේ නවීකරණය කරන ලද භාණ්ඩ මිලදී ගත් බොහෝ ගනුදෙනුකරුවන් ද "Hermes" හා Levi’s රසිකයන් බවයි.

විකුණුම්කරුවන් පොලිසියට පැවසුවේ “බොහෝ අය අන්තර්ජාලය හරහා මෙම විකිණීම සිදු කරන බැවින් නීති විරෝධී බව අපි දැන සිටියේ නැතැයි" යනුවෙනි.

143 Views

Comments