විදුලිය ඉතුරු කරන්නැයි  ජපන් රජය ඉල්ලයි


පවතින විදුලි අර්බුදය හේතුවෙන් මෙම ශීත ඍතුවේ දී විදුලිය ඉතිරි කර ගන්නා ලෙස ජපන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

.

පවතින විදුලි අර්බුදය හේතුවෙන් මෙම ශීත ඍතුවේ දී විදුලිය ඉතිරි කර ගන්නා ලෙස ජපන් රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් තාප බලාගාරවලට අවශ්‍ය ද්‍රව ගෑස් සැපයුම අවිනිශ්චිතව පවතින බැවිනුයි.

ඒ අනුව දෙසැම්බර් 1 සිට මාර්තු අවසානය දක්වා හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජපන් රජය තවදුරටත් අවධාරණය කර සිටින්නේ.

මේ අතර මාසික විදුලි පරිභෝජනය සියයට 3කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු කළ නිවාස සඳහා ලකුණු ප්‍රදානය කිරීමටද ජපන් රජය සැලසුම් කර තිබෙනවා.

 

120 Views

Comments