විදේශීය සිසුන් වැඩිකිරීමට ජපන් - ඇමරිකා රජයන් අතර වැඩසටහන්


ජපානය සහ ඇමරිකාව එම රටවල අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

.

ජපානය සහ ඇමරිකාව එම රටවල අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ පසුගිය වසරවල කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට සිසුන්ගේ ඇති උනන්දුව පහත වැටීමෙන් පසුවයි.

ඒ අනුව එකිනෙකාගේ රටවල අධ්‍යාපනය ලැබීමට සිසුන් දිරිමත් කිරීමට දෙරටෙහි රජයන් වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.

මේ යටතේ "#USJapanStudyAbroad" හෝ "#JapanUSStudyAbroad" යන හැෂ් ටැගය සමඟින් Instagram හි ඡායාරූප, වීඩියෝ සහ ඔවුන්ගේ අත්දැකීම්වල කතන්දර පළ කරන ලෙසට වත්මන් සහ පැරණි සිසුන්ගෙන් දෙරට රජයන් ඉල්ලා සිටිනවා.

මෙම ප්‍රචාරණ ව්‍යාපාරයේ අරමුණ දෙරටේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම පමණක් නොව සබඳතා ගොඩනඟා ගැනීම බව රජයන් දෙකේ නිලධාරීන් පවසා සිටිනවා.

 

102 Views

Comments