පිහිනුම් කටයුතු සඳහා නැවත විවෘත කෙරෙන ජපානයේ වෙරළතීරයන්


දේශීය හා විදේශීය සංචාරකයන්ට පිහිනුම් කටයුතු කිරීම සඳහා ජපානයේ වෙරළ තීරයන් විවෘත වෙයි

.

Corona වසංගතය හේතුවෙන් වසා දැමීමෙන් වසර තුනකට පසු ප්‍රථම වතාවට වෙරළ තීරයේ ස්නානය කරන්නන් පිළිගැනීමේ අරමුණින් නැගෙනහිර ජපානයේ Kanagawa ප්‍රාන්තයේ පිහිනුම් වෙරළ 20 ක් පමණ සහ Kamakura, Oiso යන වෙරළ තීරයන් එළැඹෙන ගිම්හානයේ සිට විවෘත කිරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. 

 

මේ යටතේ, Kamakura නාගරික රජය විසින් නගරයේ Zaimokuza, Yuigahama සහ Koshigoe යන වෙරළ තීරයන් මෙන්ම Fukisawa නාගරික රජය විසින් නගරයේ Katase Higashihama, Katase Nishihama Kugenuma සහ Tsujido යන වෙරළ තීරයන් විවෘත කිරීමට නියමිතව තිබේ . 

 

වෙරළ තීරයට පැමිණෙන්නන් හට සිසිල් බීම, ආහාර සහ අනෙකුත් සේවාවන් සපයන වෙරළ පැල්පත් 40 කට ආසන්න ප්‍රමාණයක් ද මීට සමගාමීව විවෘත කිරීමට සැලසුම් කර ඇති බව සදහන් වේ.

121 Views

Comments