නොසැලකිලිමත් පාපැදිකරුවන්ට අද සිට රතු ටිකට්


නොසැලකිලිමත් ලෙස පාපැදි පැදවීමෙන් සිදුවන මාරක අනතුරු අවම කිරීමට ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

.

නොසැලකිලිමත් ලෙස පාපැදි පැදවීමෙන් සිදුවන මාරක අනතුරු අවම කිරීමට ටෝකියෝ මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව “රතු ටිකට් පතක්” නිකුත් කිරීම ඇතුළු නීති කිහිපයක් පෙරේදා(31) සිට ක්‍රියාත්මක කරන බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ. 

මේ අනුව මාර්ග සංඥා නොසලකා හැරීම, තාවකාලිකව නවතාලීමට අපොහොසත් වීම, පාරේ වැරදි පැත්තේ පැදීම, වේගය අඩු නොකර පදික වේදිකාවේ පැදීම යන වැරදි හතර සඳහා මින් ඉදිරියට පාපැදිකරුවන්ට “රතු ටිකට්” ලබා දෙනු ඇති.

මීට පෙරදී අපරික්ෂාකාරී පාපැදිකරුවන්ට කිසිදු දඩයක් අය නොකර අනතුරු ඇඟවීම් පමණක් නිකුත් කර තිබීමද විශේෂත්වයක්.

 

119 Views

Comments