මොඩර්නා එන්නත ලබා ගත් පසු ජපන් ජාතිකයෙක් මිය යයි


හිරෝෂිමා හි 30 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මරණයට පත් වී ඇත

.

හිරෝෂිමා ප්‍රාන්තයේ ජීවත් වන 30 හැවිරිදි Hiroyuki මොඩර්නා දෙවන එන්නත ලබා ගැනීමෙන් පසු මෙලෙස අවසනාවන්ත ලෙස මරණයට පත් විය.

එන්නත ලබාගත් දිනයේ ඔහු දැඩි උණකින් සහ ශරීර වේදනාවකින් පෙළීම හේතුවෙන් පසුවදා රැකියාවටද වාර්තා නොකර නිවසේ රැඳී සිට ඇති බව ඔහුගේ පියා පවසන අතර එදින රාත්‍රියේ සුපුරුදු පරිදි රාත්‍රී ආහාරය ගෙන නින්දට ගොස් ඇත.

උදෑසන වන විට ඔහු අවදි වී නොමැති නිසා Hiroyuki ගේ පියා කාමරය වෙත ගොස් කතා කරන විටත් Hiroyuki මියගොස් සිට ඇත.

පොලිසිය සහ අධිකරණ වෛද්‍යවරුන් මෘත දේහය රැගෙන ගොස් වැඩි දුරටත් පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ

 

 
145 Views

Comments