ලිංගික අතවරයක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් නිලධාරියෙක් අත් අඩංගුවට


20 හැවිරිදි පොලිස් නිලධාරියා චෝදනා ප්‍රතික්ෂේප කරයි

.

ඕසකා ප්‍රාන්තයේ කතානෝ පොලිස් ස්ථානයේ සේවය කළ 20 හැවිරිදි Hiroto Maki මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.

ඊයේ(2) රාත්‍රී 6ට පමණ පොලිස් නිලධාරියා Osaka ප්‍රාන්තයේ Miyakojima වෝඩ් ප්‍රදේශයේ හෝටලයකට ගොස් එහි සිටි 20 හැවිරිදි කාන්තාවකට තමන් සමග ලිංගිකව හැසිරෙන ලෙස පවසා ඇති අතර කාන්තාව ඊට විරෝධය දැක් වූ විට පොලිස් නිලධාරියා ඇයව බලහත්කාරයෙන් දුෂණය කර ඇති බව පොලිස් පරීක්ෂණ වල දී හෙළි වී තිබේ.

ප්‍රාන්ත පොලිස් පරීක්ෂක කාර්යාලයේ ප්‍රධානී ෂුජි ටබාටා මහතා අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රාන්තයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට සිටින පොලිස් නිලධාරීන් මෙලෙස හැසිරීම ඉතාමත් කනගාටුදායක බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ මෙම වැරදිකරුට උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බවයි.

මේ වසර තුළදී නීති විරෝධී ක්‍රියාවන් නිසා ප්‍රාන්ත පොලිස් නිලධාරින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 
129 Views

Comments