මරාගෙන මැරෙන ප්‍රහාර මානව යුද ඉතිහාසය තුළ වඩාත් විනාශකාරීම සහ දරුණුතම ප්‍රහාරක අවිය බව නොරහසකි. ඇතැම් තැන්වල එය මානව ආචාර ධර්ම වලට පටහැනි ත්‍රස්තවාදී සහ ගරිල්ලා ප්‍රහාරක උපක්‍රමයක් ලෙසත් ඇතැම් තැනකදී එය රට ජාතිය වෙනුවෙන් ජීව වායුව පූජා කිරීමේ වීර ක්‍රියාවක් හැටියටත් අර්ථ දක්වා තිබේ.
දෙවන ලෝක යුධ සමයේ දී ජපානය විසින් එළිදක්වන ලද යුධ උපක්‍රම සහ තාක්ෂණික මෙවලම් සහ අවිආයුධ විශාල ප්‍රමාණයක් තවමත් ලෝකය මවිත කරමින් පවතී. ඒ අතර Kamikaze නම් ප්‍රහාරක ගුවන් යානා බළඇණිය වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙකී ගුවන් යානාව අහස් සටන් වලට සහ භූමියේ සතුරු ඉලක්ක වෙත බෝම්බ හෙලීමේ අංගෝපාංග සහිත ව නිපදවා ඇති අතර වඩා වැදගත්ම අංගය වනුයේ එහි ගොඩබෑමේ රෝද පද්ධතිය හෙවත් Landing Gears නොමැතිවීමයි. ගුවන් යානා ප්‍රවාහන නෞකා වල සිට කැටපෝල ක්‍රමයට ගුවන් ගතවන මෙකී යානා අධිබලැති පුපුරන ද්‍රව්‍ය සිය නියමු කුටිය තුළ රඳවාගෙන ගුවන් ගත වනු ලබයි. අහස් සටන් සහ ගොඩබිම් ඉලක්ක වෙත පහර දීමෙන් පසු නියමුවා විසින් සිය කැමැත්තෙන්ම ගුවන් යානය සතුරු නෞකාවක් වෙත හෝ ගොඩබිම් ඉලක්ක වෙත කඩාවැටෙන්නට සලස්වයි.
දෙවන ලෝක යුධ සමයේ දී ඇමරිකාවට ජපාන විසින් එල්ල කළ පර්ල් වරාය මෙහෙයුමේදී සහ අනෙකුත් මෙහෙයුම්වලදී Kamikaze ගුවන් නියමුවන් භාවිතා කළ බව සඳහන් වේ. ජපානය සංස්කෘතිය තුළ වීරයන්ට පමණක් ලැබෙන සමුරායි කඩුවෙන් මෙකී නියමුවන් පුද ලැබූ බව ඉතිහාසයේ සඳහන් වේ.