2 හැවිරිදි පිරිමි ළමයෙක් මිය යයි


තට්ටු 48කින් යුත් ගොඩනැගිල්ලකින් බිමට වැටී මරණයට පත්ව ඇත

.

ඊයේ(2) පස්වරු 2ට පමණ චිබා හි තට්ටු 48කින් යුත් මහල් නිවාසයක 25 වැනි මහලෙන් දරුවෙකු වැටී ඇති බව එම මහල් නිවාසයේ පදිංචි කරුවෙකු 119 දුරකථන ඇමතුමක් ලබා දී වාර්තා කලේය.

අනතුර වාර්තා වීමෙන් පසු ගිනි නිවන භටයින් අදාළ ස්ථානයට ගොස් ලමයා රෝහලට ගෙන ගිය අතර එහිදී 2 හැවිරිදි පිරිමි ලමයා මියගොස් ඇති බව තහවුරු විය.

විමර්ශන වලට අනුව ලමයාගේ දෙමව්පියන් අනතුර සිදුවන අවස්ථාවේ නිවසින් බැහැරව සිට ඇති අතර ලමයා තනිවම සිට ඇත.

බැල්කනියේ වැටේ උස මීටර් 1.2 ක් පමණ වන අතර චිබා ප්‍රාන්ත පොලිසිය විශ්වාස කරන්නේ පිරිමි ළමයා වැටට නැග වැටී ඇති බවයි. කෙසේ වෙතත් පොලිසිය තව දුරටත් විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වේ.

 
91 Views

Comments