Sapporo Toyohira ප්රදේශයේ පදිංචි 77 හැවිරිදි පුද්ගලයෙකු තම 70 හැවිරිදි බිරිඳට පහර දීමක් සිදු කල බවට ඊයේ උදෑසන පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
බත් කෑමට නොගෙන කුණු කූඩයට දැමීම නිසා උරණ වී ස්වාමිපුරුෂයා විසින් තම බිරිඳට ඉටි පන්දමකින් මුහුණට පහරදී අති බව වාර්තා වී තිබුණි.
පොලිසියේ දී තම වරද පිලිගත් ඔහු පවසා ඇත්තේ බත් කෑමට නොගෙන කුණු කූඩයට දැමූ නිසා තමන් බිරිඳට ඉටි පන්දමකින් පහර දුන් බවයි.
කෙසේ වෙතත් බිරිඳගේ මුහුනෙහි තැලීම් සහ සුළු තුවාල පවතින නිසා ඔහුව අත් අඩංගුවට ගෙන ඇති අතර තව දුරටත් ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.