ශිකෝකුවේ ද්වී මාධ්‍ය සුහුරු වාහන


ප්‍රවාහන ක්ෂේත්‍රය කාර්යක්ශම කිරීම තුළින් ගෝලීය සංවර්ධනය  ළඟා කර ගැනීමේ අරමුණින් පසුගිය දශක කිහිපය පුරාම වි

.

ප්‍රවාහන ක්ෂේත්‍රය කාර්යක්ශම කිරීම තුළින් ගෝලීය සංවර්ධනය  ළඟා කර ගැනීමේ අරමුණින් පසුගිය දශක කිහිපය පුරාම විවිධ මාදිලි වල වාහන ලෝ පුරා සමාගම්වලින් නිෂ්පාදනය විණි. අනාගත අභියෝග සාර්ථකව ජය ගැනීම අරමුණු කරමින්  තවදුරටත් එසේ  නවීන පන්නයේ වාහන  ඉදිරියේදීත් නිෂ්පාදනය වීම නොවැලැක්විය හැකි කාරණයකි.

 

ඊට කදිම උදාහරණයක් සපයමින් පසුගියදා ජපානයේදී එළිදැක්වූ  අවශ්‍ය විටෙක දී ප්‍රවාහන මාධ්‍ය වෙනස් කරගත හැකියි සුහුරු වාහනය බොහෝ විද්වතුන්ගේ  පැසසුමට  ලක්ව තිබිණි.

 

තාක්ෂණය සම්බන්ධව  කවදත් ඉදිරියෙන්ම  සිටින ජපානය පසුගියදා මහමග සේම දුම්රිය රේල් පීලි මත ද පහසුවෙන් ගමන් කළ හැකි පරිදි සකස් කළ ද්විත්ව මාධ්‍ය ප්‍රවාහන බස් රථය  පසුගිය 2021 වර්ෂයේ දෙසැම්බර්  විසිපස් වන දින ටොකුශිමා හා කෝචි අතර ධාවනයට යොදවමින් කල එළි දැක්වූයේය.මෙලෙස මාධ්‍ය දෙකක ගමන් කළ හැකි ලොව ප්‍රථම වාහනය ලෙස මෙම බස් රථය ඉතිහාසයට එක් වේ. 

 

ජපානය තුළට සංචාරක ආකර්ෂණය වැඩි කර ගැනීමත්, අඩු ජනගහනයක් සහිත shikoku ප්‍රදේශයේ පහල දකුණුදිග ප්‍රදේශවල ප්‍රවාහන අපහසුතාවයන්ට පිළියමක් වෙමින්  එම ප්‍රදේශ ජනාකීර්ණ කිරීමත් මෙම ද්විත්ව මාධ්‍ය බස් රථය හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණකි.

 

ජපානයේ ' අසා සීසයිඩ් රේල්වේ' සමාගමට අයත් ආසන 18කින්  හා දිග  බොනැට්ටුවක් සහිත මෙම බස් රථය ප්‍රවාහන මාධ්‍ය වෙනස් කිරීමට අවශ්‍ය වූ විට  තත්පර 15 එකම ස්ථානයක නවතා තැබිය යුතුවේ.මෙහි සුවිශේෂත්වය වන්නේ මගීන් රථය තුළ සිටියදීම  එහෙත් මගීන්ට  කිසිම අපහසුවක් නොදැනෙන ලෙස ප්‍රවාහන මාධ්‍ය වෙනස් කළ හැකි වීමයි.

 

 

 

461 Views

Comments