ජපන් සමාගමක් වන Nitori Holdings විසින් ඊයේ(04) චීනයේ බීජිං හි වෙළඳසැල් දෙකක් එකවර විවෘත කර තිබෙනවා.
මේ අනුව ලබන වසර අවසන් වන විට චීනය තුල වෙළඳසැල් 100 ක් ස්ථාපිත කිරීමටයි එම සමාගම අපේක්ෂා කරන්නේ.
Nitori සමූහය සතුව දැනට වෙළඳසැල් 860ක් පමණ ඇති අතර, ඉන් 90%ක් ජපානයේ පිහිටා තිබෙනවා.
2032 වන විට ලොව පුරා වෙළඳසැල් 3,000 ක් ඇති කිරීම සමාගමේ ඉලක්කය වන අතර චීනයේ වෙළඳසැල් විවෘත කිරීම පුළුල් කිරීමටද ඔවුන් සැලසුම් කර තිබෙනවා.