ජපන් පාපන්දු ක්‍රීඩක DF Yuta Nakayama ආබාධයකට ලක්වීම හේතුවෙන් 20 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන තරඟාවලිය සඳහා සහභාගී නොවන බව නිවේදනය කර තිබෙනවා.
පසුගිය 2 වැනිදා පැවැති ලීග් තරගයක් අතරතුරදී ඔහු මෙලෙස ආබාධයකට ලක් වූ අතර ඒ හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.
මේ අතර DF Takehiro Tomiyasu ද ආබාධ තත්ත්වයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියට සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.