ටෝකියෝ ඇතුළු ප්‍රාන්ත දොළහකට ක්‍රියාත්මක වන පරිදි දැනට පවත්නා අර්ධ හදිසි තත්වය තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට කෝවිඩ් පාලනය සම්බන්ධ ජපාන රජයේ කමිටුව අද තීරණය කරන ලදී.
මාධ්‍ය හමුවකදී ජපාන කොවිඩ් මර්දන කමිටුවේ සභාපති Shegiru Omi පවසා සිටියේ ටෝකියෝ ඇතුළු තදාසන්න පාලන ප්‍රදේශ 12ක වර්තමාන කොවිඩ් පැතිරයාම සැලකිය යුතු මට්ටමින් අඩු වී ඇති බවත් පවත්නා රජයේ ක්‍රියාමාර්ග තවදුරටත් බල පවත්වා ගැනීම සහ ශක්තිමත් කිරීම සඳහා ප්‍රාන්ත රජයන්ට ඉඩකඩ ලැබෙන පරිදි මෙකී අර්ධ හදිස්සි තත්වය පෙබරවාරි 13 වනදා සිට නැවතත් සති දෙකක් දීර්ඝ කිරීමට තීරණය කළ බවයි.