තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 141 ක් ලබාගත්තා.
පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් වූඩ් ලකුණු 26කට කඩුළු 03ක් බිඳ හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 04ක් තුළ කඩුළු 6ක් දැවී ලකුණු 144ක් රැස් කරගනිමින් තරගයේ ජය හිමි කරගත්තා.
පන්දුවට පහරදීමේදී ඇලෙක්ස් හේල්ස් ලකුණු ලකුණු 47ක් ද, බෙන් ස්ටොක් නොදැවී ලකුණු 44ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග, ධනංජය ද සිල්වා, ළහිරු කුමාර කඩුළු 02ක බැගින් බිඳ දැමුවා.
ඒ අනුව ඕස්ට්‍රේලියාවට සුපිරි 12 වටයෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවූ අතර එංගලන්ත කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබුවා.