රටේ ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා මේ වනවිට සිදුකරන තාක්ෂණික පර්යේෂණ වැඩිකිරීමට ජපන් රජය සැලසුම් කර තිබෙනවා.
මේ වනවිට ලොව බොහෝ රටවල් කෘත්‍රිම බුද්ධිය සහ ඩ්‍රෝන යානා යුද අරමුණු සඳහා වැඩි වැඩියෙන් භාවිතා කරනවා.
ඒ හේතුවෙන් ජපානයේ ජාතික ආරක්ෂාව කෙරෙහි තාක්ෂණය යොදාගැනීම සම්බන්ධ නීති සංශෝධනය කිරීමටද ජපන් රජය සැලසුම් කර තිබෙනවා.