මෑතකදී කරන ලද සමීක්ෂණයකදී හෙළි වූ වාර්තාවක් උපුටා දක්වමින් ජපාන කැබිනට් මන්ඩල ප්රකාශයක් පසුගියදා නිකුත් වූ අතර ඒ අනුව ජපානයට ආනයනය කරනු ලබන භාණ්ඩ වලින් 20% ක ට වඩා වැඩි ප්රතිශතයක් වන භාණ්ඩ සම්පූර්නයෙන්ම චීනය මත රැඳී ඇති බව සනාථ විය.
වර්ග 5000ක් වන ආනයනික භාණ්ඩ යොදාගෙන කළ එම සමීක්ෂණයේ දී භාණ්ඩ 1133ක් සම්පූර්ණයෙන්ම ආනයනය කර තිබුණේ චීනයෙන් බව අනාවරණය වී තිබුණි. තවද මෙකී භාණ්ඩවල ඒකාධිකාරයක් චීනය සතු වී තිබීම ද වැදගත් කාරණයක් විය. ඡංගම දුරකථන, පරිගණක හා පරිගණක උපාංග , පරිගණක ක්රීඩා සහ නිමි ඇඳුම් මෙලෙස චීනය මත රඳා පැවති ආනයනික භාණ්ඩ අතර වේ. මෙකී වාර්තාව තවදුරටත් පෙන්වා තිබුනේ ,එම තත්ත්වය වහා පාලනය විය යුතු බවත් එසේ නොවුණහොත් චීන ආනයනික භාණ්ඩ ඒකාධිකාරයක් ජපානය තුල ක්රියාත්මක විය හැකි බවත්ය.