ශබ්දය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකින් පසු තම උඩුමහලේ අසල්වැසියා ඝාතනය කළ බවට සැකපිට 69 හැවිරිදි පුද්ගලයෙකු ඕසකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පෙරේදා(05) අලුයම 3:25 ට පමණ Nishinari Ward මහල් ගොඩනැගිල්ලේ කොරිඩෝවකදී බහින්බස් වීමක් ඇතිකරගත් Katsumi Uemura නම් සැකකරු ඔහුට ඉහළින් පිහිටි මහල් නිවාසයේ ජීවත් වූ 50 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පසුව මහල් නිවාස ගොඩනැගිල්ලේ කළමනාකරු විසින් තුවාලකරු රෝහලට ගෙන ගිය අතර පැය දෙකකට පමණ පසු පපුවට සහ බඩට ඇති වූ තුවාල වලින් ලේ ගැලීම හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා.