Life Corporation හි නිර්මාතෘ අභාවප්‍රාප්ත වේ


ජපානයේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Life Corporation හි නිර්මාතෘ සහ සභාපති Nobutsugu Shimizu අභාවප්‍රාප්ත වී තිබෙනවා.

.

ජපානයේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Life Corporation හි නිර්මාතෘ සහ සභාපති Nobutsugu Shimizu අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

මියයන විට ඔහු 96 හැවිරිදි වියේ පසුවුණා.  

ඔහුගේ අවසන් කටයුතු ඔහුගේ සමීපතම පවුලේ අය විසින් සිදු කර තිබෙනවා.

Tsu නගරයේ උපත ලැබු ඔහු 1945 දී  ඕසකාහි තම දෙමාපියන්ගේ ගබඩාව නැවත පණ ගන්වා තොග ආහාර ව්‍යාපාරයක් ආරම්භ කළා. පසුව 1956 දී, ඔහු Shimizu Jitsugyo පිහිටුවා ගත් අතර, 1961 දී ඔහු Osaka ප්‍රාන්තයේ Toyonaka City හි පළමු Life store විවෘත කළා.  එතැන් සිට, එය ප්‍රධාන වශයෙන් Kansai සහ Kanto ප්‍රදේශවල, රට පුරා වෙළඳසැල් 300 ක් දක්වා ව්‍යාප්ත වූ අතර,ජපානයේ විශාලතම සුපිරි වෙළඳසැල බවට වර්ධනය වුණා.

115 Views

Comments