ඕසකා හි කදෝමා නගරයේ එකම උසස් පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි පිරිමි ශිෂ්‍යයෙකු හා 17 හැවිරිදි සිසුවියක් මෙලෙස ගොඩනැගිල්ලකින් වැටී මරණයට පත්ව ඇත.
7 වැනිදා රාත්‍රී 10.00 ට පමණ පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙම සිසුන් දෙදෙනාගේ දේහයන් දැක ඇති අතර අසල තට්ටු හතරක මහල් නිවාසයක වහලය මත එම සිසුවියට හා සිසුවාට අයිති යැයි සැලකෙන සපත්තු සහ බෑග් තිබී හමු වී ඇති අතර පොලිසිය මේ පිලිබඳව වැඩි දුරටත් විමර්ශණ පවත්වයි.