ආරක්ෂක අංශයන්හි අවුරුදු 12ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා සලසා දීමටද විශේෂ අවධානය යොමු කරන ලෙසත් සිය ජපන් නිල සංචාරය අතරතුර අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉල්ලීම් කර ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව ඉදිකිරීමේ ක්ෂේත්රයට අදාළව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් පන්දහසක් සඳහා පුහුණු අවස්ථා සලසා දෙනු ඇත.
ඒ අනුව දැනට බත්තරමුල්ල යුද හමුදා මූලාස්ථානය ඇතුළු ඉදිකිරීම් අංශයේ සේවය කරන ආරක්ෂක අංශ සාමාජිකයන්හට එකී ව්‍යාපෘති අවසන් වීමෙන් අනතුරුව සේවා කාලය සම්පූර්ණ කර ඇත්නම් ජපානයේ ඉදිකිරීම් අංශයේ රැකියා අවස්ථා ලබා දීමටත් ජපානයේ ඉදිකිරීම් සංගමයේ (Construction Association in Japan)එකඟතාව ලැබී ඇති බවයි පැවසෙන්නේ
මේ සඳහා ජපානයේ ඉදිකිරීම් සංගමය ශ්‍රී ලංකාව තුළ ඉදිකිරීම් අංශයේ පුහුණු කිරීම් සඳහා පුහුණු පරිශ්‍රයක් ස්ථාපිත කිරීමට නියමිත අතර එහිදී ප්රායෝගිකවම ඉදිකිරීම් පුහුණුව ලබාදීමටත් නියමිතයි.
මෙහි පුහුණුලාභීන්ට ජාතික නිපුණතා 4 වැනි මට්ටමේ සහතිකය (NVQ 4) ලබා දීමටත්, රජයේ වෘත්තීය හා තාක්ෂණික පුහුණු පාසල් හරහා මෙය ක්‍රියාත්මක කිරීමටත් යෝජිත අතර එය සම්බන්ධීකරණය කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වෙත පැවරීමටත් අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.