ආගමික කණ්ඩායම්වලට ලබාදෙන පරිත්‍යාග වැළැක්වීමට යෝජනාවක්


ආගමික කණ්ඩායම්වලට ලබාදෙන පරිත්‍යාග වැළැක්වීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

.

විවිධ ආගමික කණ්ඩායම්වලට ලබාදෙන විශාල ප්‍රමාණයේ පරිත්‍යාග වැලැක්වීම සඳහා නව නීතියක් යෝජනා කරන බව අගමැති ෆුමියෝ කිෂිඩා ඊයේ(08) ප්‍රකාශ කර සිටියා.

ඒ අනුව මෙම නව නීති සම්පාදනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පත එලඹෙන පාර්ලිමේන්තු සැසියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පවසා සිටියා.

ජුලි මාසයේදී හිටපු අගමැති අබේ වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා පවුල බංකොලොත් කරමින් ඔහුගේ මව විසින් කරන ලද දැවැන්ත පරිත්‍යාගයන් සම්බන්ධයෙන් Unification Church කෙරෙහි අමනාප වී සිටිය බව වාර්තා වීමත් සමග මේ පිළිබඳව කරලියට පැමිණියා.

 

102 Views

Comments