මියන්මාරය කොන් වෙයි?


නිරිතදිග ආසියානු රටවල් වල එකතුව හෙවත් ASEAN සමුළුවට..

.

නිරිතදිග ආසියානු රටවල් වල එකතුව හෙවත් ASEAN සමුළුවට මියන්මාර විදේශ කටයුතු අමාත්‍යවරයාට ආරාධනා නොකිරීමට කාම්බෝජය තීරණය කර තිබේ. කාම්බෝජ විදේශ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ 2021 වසරේ පත්වූ මියන්මාර හමුදා පාලන රජය විසින් ගෙනයනු ලබන හිංසාකාරි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළ නිසා සමුළුව තුල සමාජික රටවල් මියන්මාරය කෙරෙහි විරෝධතා මතු කර ඇති බවයි.

ASEAN සමුළුව මියන්මාරය ප්‍රතික්ෂේප කළ යුතු බවත් ඒ හරහා පවතින හමුදා රජයේ ක්‍රියා පිළිවෙල විවේචනය කළ යුතු බවත් සමාජික රටවල අදහසයි. පෙබරවාරි 16 සහ 17 දෙදින තුළ කාම්බෝජයේ අගනගරය වන Phnom Penh හිදී ASEAN සමුළුවේ 2022 සැසිවාරය පැවැත්වීමට නියමිතයි.

420 Views

Comments