ජපානය විසින් නිපදවීමට නියමිත Aegis බැලස්ටික් මිසයිල ප්රතිරෝධක පද්ධතියේ අඩංගු යාත්රා දෙකක් ඉවත් කිරීමට ජපන් රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අදාල යාත්රා 2 එක්සත් ජනපදය විසින් සංවර්ධනය කරන ලද Tomahawk කෲස් මිසයිල රැගෙන යා හැකි බහුකාර්ය යාත්රා බවට පත් කිරීමට ද රජය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ගොඩබිම් පාදක Aegis Ashore පද්ධතිය සඳහා භාවිතා කිරීමට නියමිතව තිබූ Lockheed Martin Corp හි SPY-7 රේඩාර්ද මෙම යාත්රා 2 සඳහා භාවිතා කිරීමටයි ජපන් රජය අරමුණු කර ඇත්තේ.
එමෙන්ම ඒවාට හයිපර්සොනික් ග්ලයිඩ් අවි වලට ප්රතිචාර දැක්වීමේ හැකියාව ද එක් කරන බව ආරංචි මාර්ග පවසනවා.