Aegis බැලස්ටික් මිසයිල පද්ධතියේ යාත්‍රා දෙකක් ඉවත් කිරීමට තීරණයක්


Aegis බැලස්ටික් මිසයිල ප්‍රතිරෝධක පද්ධතියේ අඩංගු යාත්‍රා දෙකක් ඉවත් කිරීමට ජපානය තීරණය කර තිබෙනවා.

.

ජපානය විසින් නිපදවීමට නියමිත Aegis බැලස්ටික් මිසයිල ප්‍රතිරෝධක පද්ධතියේ අඩංගු යාත්‍රා දෙකක් ඉවත් කිරීමට ජපන් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාල යාත්‍රා 2 එක්සත් ජනපදය විසින් සංවර්ධනය කරන ලද Tomahawk කෲස් මිසයිල රැගෙන යා හැකි බහුකාර්ය යාත්‍රා බවට පත් කිරීමට ද රජය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ගොඩබිම් පාදක Aegis Ashore පද්ධතිය සඳහා භාවිතා කිරීමට නියමිතව තිබූ Lockheed Martin Corp හි SPY-7 රේඩාර්ද මෙම යාත්‍රා 2 සඳහා භාවිතා කිරීමටයි ජපන් රජය අරමුණු කර ඇත්තේ.

එමෙන්ම ඒවාට හයිපර්සොනික් ග්ලයිඩ් අවි වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ද එක් කරන බව ආරංචි මාර්ග පවසනවා.

77 Views

Comments