සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ජපානයෙන් සැලැස්මක්


සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ජපානයෙන් සැලැස්මක් සකස් කර තිබෙනවා.

.

2025 වන විට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත් කිරීමට ජපානය සැලසුම් කර තිබෙනවා.

2025 ඕසකා හි පැවැත්වෙන එක්ස්පෝ 2025 සහ ටෝකියෝ හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා වැනි එම වසරේම ජපානයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ඉසව් මගින් නරඹන්නන් සංඛ්‍යාව ඉහළ නැංවීමට ජපන් රජය අපේක්ෂා කරනවා.

එමෙන්ම 2030 වන විට වාර්ෂිකව මිලියන 60 ක විදේශීය සංචාරකයින් ජපානයට ගෙන්වා ගැනීමටද ජපන් රජය සැලසුම් සකස් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

2019 දී කොරෝනා වෛරසය පැතිරීමට පෙර සංචාරකයින් මිලියන 31.88 ක්ජපානයට පැමිණ ඇති අතර කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග එම සංඛ්‍යාව දැඩි ලෙස පහත වැටුණු අතර එය 2020 දී මිලියන 4.12 ක් සහ 2021 දී 250,000 ක් ලෙස දැක්වුණා.

 

82 Views

Comments